හැදින්වීම
අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකාවේ පවතී ප්‍රථම රාජධානියයි.එය ක්‍රි.පූ.377 සිට ක්‍රි.පූ. 1017 දක්වා දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනි.මෙම රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමිකරගන්නේ එහි දේශපාලනික,ආගමික සහ සංස්කෘතික වර්ධනයන් නිසා ය.
මෙම රාජධානියේ පිහිටීමේ වැදගත්කම ගැන සදහන් කිරිමෙදී, මෙම රාජධානිය පිහිට තිබෙන්නේ වයඹ දිග පහත රට ප්‍රදේශයේ ය.එහි භූගෝලීය පිහිටීම කෘෂිකර්මාන්තයට හා ජල කළමනාකරණයට ඉතා හිතකර විය.එසේම ඉන්දියාවේ සිට පැමිණි වෙළදුන්ට සහ සංචාරකයන්ට පහසුවෙන් ලගාවිය හැකි මද්‍යම ස්ථානයක් වීම නිසා වෙළදාම සහ සංස්කෘතික හුවමාරුවද සිදුවිය.
අනුරාධපුර රාජධානිය පාලනය කරනු ලැබුවේ බලවත් රජවරුන් විසිනි.විජය රජුගේ පැමිණීමෙන් පසු ආරම්භ වූ මෙම රාජධානියේ මුල් රජවරුන් අතර, දේවානම් පියතිස්ස රජතුමා විශේෂ වේ.එතුමාගේ පාලන සමයෙදී බුදු දහම ශ්‍රී ලනකවට පැමිණි අතර එය රාජ්‍ය අගම බවට පත්විය.දුටුගැමුණු, වළගම්බා, මහාසේන සහ ධාතුසේන රජවරුන් අනුරාධපුර රාජධානියේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දුන්හ.ඔවුන් විශාල වාරි මාර්ග පද්ධති, ස්තුප, විහාර අනෙකුත් ඉදිකිරීම් සිදු කළහ.
බුදු දහම අනුරාධපුර රාජධානියේ ප්‍රධාන අගම වූ අතර එය සමාජය සහ සංස්කෘතිය කෙරෙහි දැඩි බලපෑමක් සිදී කළහ.අනුරාධපුරය බෞද්ධ ඉගැන්වීමේ සහ කලාවේ වැදගත් මද්‍යස්ථානයක් බවට පත්විය.මිහින්තලය, ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි බෞද්ධ සිද්ධස්ථාන අනුරාධපුරයේ පිහිටා ඇත.සිංහල බෞද්ධ සංස්කෘතියේ බොහෝ අංග මෙම යුගයේදී වර්ධනය විය.
අනුරාධපුර රාජධානියේ ආර්ථිකයේ ප්‍රධාන පදනම වුයේ කෘෂිකර්මාන්තය යි.රජවරුන් විශාල වාරි මාර්ග පද්ධති නිර්මාණය කිරීමෙන් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට විශාල දායකත්වයක් ලබාදුන්හ. යෝධ ඇල, කළු වැව, තිසා වැව වැනි විශාල වැව සහ ඇල මාර්ග මෙම යුගයේදී ඉදිකරන ලදී.
ක්‍රි.ව. 10 සියවසේ අගභාගයේදී චෝල ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානිය ක්‍රමයෙන් පිරිහීමට පත්විය. 1017දී පළමුවන රාජේන්ද්‍ර චෝල රජු විසින් අනුරාධපුරය සම්පුර්ණයෙන්ම යටත් කරගැනීමත් සමග අනුරාධපුර රාජධානියේ අවසානය සනිටුහන් විය.ඉන් පසුව පොලොන්නරුව නව අගනුවර බවට පත්විය.
අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකෙන අතර එහි නටඹුන් අදටත් අපගේ අතීතය තුල පැවති ශ්‍රේෂ්ඨත්වය සිහිපත්කරයි.
උක්ත කරුණු වලට අනුව අනුරාධපුර රාජධානියේ ඉතිහාසය පිළිබදව ප්‍රධාන මාතෘකා කිහිපයක් යටතේ දීර්ඝව විස්තර කල හැකිය. එනම්,
- දේශපාලන ඉතිහාසය හා පාලන ක්‍රමය.
- අගම සහ සංස්කෘතිය.
- ආර්ථිකය හා තාක්ෂණය.
- සමාජ ව්‍යුහය හා ජිවන රටාව.
සටහන - අයේෂිකා ඩී. රත්නසේකර



1 Comments
✌✌✌✌
ReplyDelete